මංසල
Thursday, March 29, 2018
මේක මම ලිව්වෙ AL ඉංග්‍රීසි පේපර් එක වෙලාවෙ. ඇවිත් යනගමන් කියවල කමෙන්ටුවක්(බැනල/හිත හැදෙන්න මොනව හරි කියල) දාලම යන්ට.
නිම නොවෙනා පැය 3 කල්පයක් වැනී
සමහරු තදනින්දෙ ගොරවන හඬ ඇසුණි
නින්ද නොඑන හේතුව මට මම නොදනී
නිදි දෙව්දුව විරසක වීදෝ සිතුනි.........
වම්පැත්තේ ඉන්න එකා වැඩ්ඩෙක්ය
දකුණු පැත්තෙ ඉදියේ මහ ගොබිලෙක්ය
කොපි කරත් ලියන්න English බැරිය
පැය 3 ඉවර වෙනතුරු කවි ලිව්වේය........
ඈත අහසෙ පාවෙන සුදු වළා පෙනේ
රංචු පිටින් පියබන විහඟුන්ද පෙනේ
උන්ට තියෙන නිදහස දැන් මට නෑනේ
කවියක් ලියන්නත් සිතුවිලි එන්නෑනේ........
සුදුහුණු ගෑ බිත්තිය ඇත ලස්සනට
පැන්සල් ඉරක් වත් නැත ඒහි දකින්නට
සමරු සටහනක් තැබුවෙමි ඉක්මනට
මතු යම් දිනෙක තවකෙකු හට පෙනෙන්නට.......
විහඟුන්ගේ මිහිරි හඬ මට ඇසෙන්නා
රථවාහන හඬද පාරේ ඇසෙන්නා
ඒවයෙ නලා හඬ සවනට වදදෙන්නා
ප්ලේන් එකක් උඩු ගුවනේ කැරකෙන්නා...
කරන්නට දෙයක් නැත දැන් ඉතුරුවෙලා
නිදි දෙව්දුව කතා කරයි අතවනලා
සිහින ලොවේ ඇය සමගින් තුරුල් වෙලා
ඉන්න ගියේ මම මේ කවියත් ලියලා.......
මගෙ සිත තුලට එන සිතුවිලි විකාර
දකින දසුන් මගෙ නෙත් දෙක හැම පාර
මුසුකර ලියන මේ කවිපද විකාර
රස විමසන්න දෙන්නේ ඔබ හට බාර.........

(උපුටා ගැනිමකි. මුල් අදහස : බුද්ධික ලසිත.)
නිම නොවෙනා පැය 3 කල්පයක් වැනී
සමහරු තදනින්දෙ ගොරවන හඬ ඇසුණි
නින්ද නොඑන හේතුව මට මම නොදනී
නිදි දෙව්දුව විරසක වීදෝ සිතුනි.........
වම්පැත්තේ ඉන්න එකා වැඩ්ඩෙක්ය
දකුණු පැත්තෙ ඉදියේ මහ ගොබිලෙක්ය
කොපි කරත් ලියන්න English බැරිය
පැය 3 ඉවර වෙනතුරු කවි ලිව්වේය........
ඈත අහසෙ පාවෙන සුදු වළා පෙනේ
රංචු පිටින් පියබන විහඟුන්ද පෙනේ
උන්ට තියෙන නිදහස දැන් මට නෑනේ
කවියක් ලියන්නත් සිතුවිලි එන්නෑනේ........
සුදුහුණු ගෑ බිත්තිය ඇත ලස්සනට
පැන්සල් ඉරක් වත් නැත ඒහි දකින්නට
සමරු සටහනක් තැබුවෙමි ඉක්මනට
මතු යම් දිනෙක තවකෙකු හට පෙනෙන්නට.......
විහඟුන්ගේ මිහිරි හඬ මට ඇසෙන්නා
රථවාහන හඬද පාරේ ඇසෙන්නා
ඒවයෙ නලා හඬ සවනට වදදෙන්නා
ප්ලේන් එකක් උඩු ගුවනේ කැරකෙන්නා...
කරන්නට දෙයක් නැත දැන් ඉතුරුවෙලා
නිදි දෙව්දුව කතා කරයි අතවනලා
සිහින ලොවේ ඇය සමගින් තුරුල් වෙලා
ඉන්න ගියේ මම මේ කවියත් ලියලා.......
මගෙ සිත තුලට එන සිතුවිලි විකාර
දකින දසුන් මගෙ නෙත් දෙක හැම පාර
මුසුකර ලියන මේ කවිපද විකාර
රස විමසන්න දෙන්නේ ඔබ හට බාර.........

(උපුටා ගැනිමකි. මුල් අදහස : බුද්ධික ලසිත.)
Subscribe to:
Comments (Atom)
